බෲස්ලී මියගියේ කොහොමද ?

ලොව පහලවූ විශිෂ්ඨතම සටන් කලාකරුවෙකු, සටන් නළුවෙකු වූ වෛද්‍ගැන නොදන්නා අයෙකු නැති තරම්. වයස අවුරුදු 32 දී ලොවට අහිමිවූ මෙම සටන් තරුවේ මරණය රසික පිරිස වෙත විශාල කම්පනයක් එල්ල කළා.
















1973 මැයි මස 10 වන දින බෲස්ලීගේ මරණයට හිතුවන ප්‍රථම රෝගලක්ෂණ මතුව තිබුනා.
අධික හිසරදයකින් පෙළුන බෲස්ලී  ව රෝහල්ගත කල අතර වෛද්‍යවරුන් බෲස්ලීගේ රෝගය cerebral edema නම් මොලයේ මස්තිෂ්ක තරලය වැඩිවීම නිසා ඇතිවන වේදනා තත්වයක් ලෙසින් හඳුනාගෙන තිබුනා.

ප්‍රතිකාර වලින් පසුව ජූලි 20 දක්වා ඉතා නිරෝගීව තම චිත්‍රපට කටයුතු වල නිරතවූ බෲස්ලී , ඉතා කාර්යබහුල දිනයකින් අනතුරුව බෙටී ටින්ග් පේ Betty Ting Pei නම් තායිවාන නිළියගේ නිවාස වෙත ගොස් තිබෙනවා, මැය බෲස්ලී සමග විශේෂ ආකාරයක පුද්ගලික සබඳතාවක් පැවැත්වූ තැනැත්තියක බවයි පැවසෙන්නේ.

සවස 7.30 ට පමණ බෲස්ලී තමන්ට හිසරදයක් පවතින බව පවසා ඇති අතර , එකල ඉතා සුලබව බාවිතා වූ මෙප්රෝබමෙට් meprobamate නම් වේදනානාශකය බෙටී විසින් බෲස්ලී හට ලබාදී තිබෙනවා.
ඉන් අනතුරුව ලී ඉහල මහලේ කාමරයක නින්දට ගොස් තිබෙනවා.

පැය කිහිපයකට පසුව බෙටී බෲස්ලී වෙත ගොස් ඔහුව අවදිකිරීමට උත්සහ කර ඇති අතර ඔහු කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැහැ.
කලබලයට පත් බෙටී තම මිතුරෙකු සහ සමග ගිලන් රථයක් මගින් ලී ව රෝහලක් වෙත යවා තිබෙනවා.

ඒ වන විටත් බෲස්ලී මියගොස් තිබුණු බව පැවසෙනවා.

බාහිර ශරීරයේ කිසිඳු වෙනසක් නොතිබුණු බෲස්ලී ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක්කළ අතර එහිදී නිරීක්ෂණය කර ඇත්තේ ලී ගේ මොළය අසාමාන්‍ය ලෙස ඉදිමී ඇති ආකාරයකුයි.

අවසාන නිගමනය වී තිබුනේ බෲස්ලී ලබාගත් වේදනා නාශකය මගින් ඇතිවූ ආසාත්මිකතාවක් නිසා මෙම තත්වය ඇතිවී තිබු බවයි,

No comments:

Post a Comment