|
මොවුන් දෙදෙනාගේ විශේෂත්වය වුනේ වයස විසිගණන් වලදී ඔවුන් තරුණ පෙම්වතුන් ලෙස ටික කලක් ගතකර තිබීමයි.
නමුත් පසුකාලීනව දෙදෙනා වෙන්ව ජිවිතයේ දිශානතීන් දෙකක ගමන්කර තිබුනා.
2014 වසරේදී මේරි ට දරුණු වකුගඩු රෝගයක් වැළදෙනවා. මරණ මංචකයේ සිටින මේරිගේ උදව් උපකාර සඳහා ඉදිරිපත් වන්නේ සයිමන්.
මේරිට ජිවත් වීම සඳහා අවසන් විකල්පය ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කරන්නෙ වකුගඩුවක් බද්ධ කිරීම.
පුදුමයකට මෙන් මේරිට අවශ්‍ය බී නෙගටිව් වකුගඩුව සැපයීමට සියලු සුදුසුකම් සයිමන් සතු බව හෙළිවෙනවා. තීරණාත්මක තීන්දුවක් වුවත් සයිමන් වකුගඩුවක් මේරි වෙත පිරිනමන්නේ සතුටු සිතින්.
සියල්ල සාර්ථකව නිමවනවා.
පසුකාලීනව සයිමන් මේරි වෙත විවාහ යෝජනාවක් ඉදිරිපත් කරන්නේ තම ප්‍රේමයේ ඊළඟ පියවර තැබීමේ බලාපොරොත්තුවෙන්.
නමුත් මෙම යෝජනාව මේරි ප්‍රතික්ෂේප කිරීම කාගේත් විමතියට හේතු වෙනවා.මේරි "සයිමන් මගේ හොඳම මිතුරෙකු පමණයි" ලෙසින් පවසා තිබුනා.
ඉතා යහපත් මිනිසෙකු වූ සයිමන් පවසා තිබුනේ තමුන් මේරි හට ජීවිතය දානය කිරීම ගැන කිසිම පසුතැවීමක් නොමැති බවයි.
|
No comments:
Post a Comment